Wednesday, March 27, 2013

බිරිඳ


(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)

අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි 

අද අප ඉගෙන ගන්නේ අංගුත්තර නිකායේ අට්ඨකනිපාතයට අයත් අපෝසථ වර්ගයේ නකුල මාතු මනාපකායික සූත්‍රයයි. මෙය භාර්යාවනට ඉතා වැදගත් සූත්‍රයකි. එක් කාලයක අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුසංසුමාරගිර නුවර භේසකලා නම් වූ මුවන්ට අභය භූමියක් වූ වනයේ වැඩ වාසය කළ සේක. ඒ කාලයේ දිනක් නකුල මාතා ගෘහපතිනිය බුදුරජාණන් වහන්සේ හමුවෙන්නට පැමිණ උන්වහන්සේට වන්දනා කොට එකත්පසෙකින් වාඩිවුණා. එකත්පසෙකින් වාඩිවුණු නකුලමාතා ගෘහපතිනියට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. 

“ නකුල මාතාවෙනි, ධර්ම අටකින් යුක්ත ස්ත්‍රිය මරණීන් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදියි. ඒ ධර්ම අට මොනවාද?” 

මේ ආකාරයට දේශනා කළ භාග්‍යවතුන් වහන්සේ ස්ත්‍රියක මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින ආකාරය දේශනා කොට වදාළා. අපි මෙහිදී මේ නකුල මාතාව යනු කවුදැයි කියා හදුනා ගනිමු. ඇයට “ නකුල” නම් දරුවෙකු සිටි නිසා නකුල අම්මා හෙවත් නකුල මාතාව නම් විය.ඇගේ ස්වාමි පුරුෂයා නකුල පිතා නම් විය.මේ යුවළ සෝතාපන්නවූ ගෞතම බුදු සසුනේ විශ්වාසි කථා ඇති උපාසක උපාසිකාවන් අතර අගතනතුරු ලැබූ යුවළකි. ඉතින් මේ නකුල මාතාව තම සැමියා කෙරෙහි බොහෝම සෙනෙහෙසකින් යුතුව කටයුතු කරමින් දන් පින්කම් කළ කාන්තාවක්. ඉතින් මැය වැනි උතුම් කාන්තාවකට මැනැවින් ගැළපෙන දේශනයක් වශයෙන්ද මේ සූත්රය හැදින්විය හැකිය. බුදුරජාණන් වහන්සේ “ධර්ම අටකින් යුතු ස්ත්‍රිය මරණින් මතු මනාපකායික දෙවිවරුන් අතර උපදින” බව වදාළ සේක. මේ “ මනාපකායික දෙවිවරුන්” නම් කවුරුන්ද? අනුරුද්ධමනාපකායික සූත්‍රයේ සඳහන් වන ආකාරයට මනාපකායික දෙවිවරු තුන් තැනක ඉසුරු කරයි. වංශයෙහි පවත්වයි. ඒවා නම් යම්බදු වර්ණයක්, යම්බදු ස්වරයක්, යම්බදු සැපයක් කැමැති නම් එබඳු වර්ණය, එබඳු ස්වරය, එබඳු සැපය සැණෙකින් ම ලබති. ඔවුහු කැමැති නම් නිල්වන්නට එවිට නිල්පාට වෙති. රතු වන්නට කැමැති විට රතු පාට වේ.මෙලෙස මනාප මනාප ආකාරයට සිටීමේ හැකියාව මනාපකායික දේවතාවන්ට ඇත. 

මීළඟට අපි බුදුරදුන් වදාළ එම ධර්ම අට මොනවා දැයි වෙන වෙනම විමසා බලමු. අර්ථය කැමැති වූ යහපත කැමැති වූ අනුකම්පක වූ මවුපියන් විසින් අනුකම්පාව උපදවා තම දියණිය යම් සැමියෙකුට විවාහ කරදෙනු ලබයි. ඇය විවාහ වූ පසු (පුබ්බුට්ඨායිනී) තම ස්වාමි පුරුෂයාට පෙර නැගිටියි. (පච්ඡානිපාතිනී) ස්වාමි පුරුෂයා නිදාගත් පසුව නිදයි. (කිංකාර පටිස්සාවිනී) කරන්නට අවශ්ය දේ විමසයි. (මනාපචාරිනී) මනාප හැසිරීම් වලින් යුතුවෙයි. (පියවාදිනී) පි‍්රයවචන කතා කරයි. තම ස්වාමියා කෙරෙහි මෙවැනි පි‍්‍රයමනාප පැවැත්මකින් යුතුවීම භාර්යාවකට මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පළමු කරුණයි. 

මෙම ගුණධර්මය ඇති බිරිය තම ස්වාමියා කෙරෙහි ගෞරවනීය ස්නේහවන්තකමක් ඇති උතුම් බිරිය කි. ආදරණීය ස්වාමියෙක් දහඩිය හෙළා ධනය උපයන්නේ තම බිරිය වෙනුවෙනි. ඇගේ ජීවිතය සුන්දර කර දීමටය. ඔහු තම මිතුරන් සමඟ ඇගේ ගුණ කියන්නේ ඈ කෙරෙහි වන භක්තියෙනි. එබැවින් උතුම් බිරියක විසින් තම සැමියාට දෙවියෙකුට මෙන් සැලකිය යුතුය. උතුම් බිරිය තම සැමියාට අම්මා කෙනෙකු මෙනි.අම්මා කෙනෙක් විඩාවට පත්වූ තම දරුවාට සංග්රහ කොට විඩා නිවයි. තම දරුවා කැමැති කැමැති ආහාරපාන සකස් කර දෙයි. දරුවන් නින්දට ගිය පසු නින්දට යන ඇය දරුවන්ට පෙර අවදි වී මුලුතැන්ගෙට ගොස් පසු දා ආහාරය සකසා දෙයි.මෙසේ කටයුතු කරන බිරිය කෙරෙහි සැමියාගේ සිතේ අම්මා කෙරෙහි මෙන් සෙනෙහසක් ගෞරවයක් උපදියි. 

ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන දෙවන කරුණ මෙසේය. යහපත් බිරිඳ ස්වාමියාගේ මවට, පියාට, ඔහු ගරු කරන ශ්රමණ බ්‍රාහ්මණයන්ට (සක්කරොති) සත්කාර කරයි. (ගරුකරොති) ගරු කරයි, (මානෙති) බුහුමන් කරයි. (පූජෙති) පුදයි. එපමණක් නොව ඇය ආගන්තුකයන් පැමිණි විට ඔවුන්ට (ආසනොදකෙන පටිපූජෙති) වාඩි වෙන්නට ආසන දෙයි. පැන්දෙයි. මෙසේ ආගන්තුකයන්ට වාඩිවෙන්නට ආසන දීම හා පැන් දීම ඔවුන් පිදීමකි. 

ඇය දැරියක වශයෙන් කුඩා කාලයේ මවුපියන් සමග ගත කරන කාලයේ බෙහෙවින් සියුමැලිය. එහෙත් ඇය විවාහ වී පතිකුලයට පැමිණිදා සිට වගකීම් විශාල ප්‍රමාණයක් ඇත්තියක් බවට පත්වන්නීය. විවාහ වූ ඇය ගෘහණියකි. ගෘහණියක ලෙස තම සැමියාගේ දෙමව්පියන්ට, ඥාතීන්ට , හිත මිතුරන්ට, ඔහු ගෞරව කරන පූජණීය උතුමන්ට ඉටු කළ යුතු බොහෝ 
යුතුකම් වේ.ඇතැම් විට තම සැමියාගේ පැරැණි සේවකයන් බිරියට නුරුස්සනවා විය හැකිය. එවිට ඔවුන් කෙසේ හෝ සේවයෙන් පහකිරීම නොකළ යුතුය. අසරණ භාවයට පත්වන එම තැනැත්තාට වන කලදසාව ගැන ද කල්පනා කළ යුතුය. ඇතැම් විට එවැනි අවස්ථාවකදී තම සැමියාගේ සියලු ව්‍යාපාර ආදිය අඩපණවීමට ද ඉඩ තිබේ. එවිට ද සැමියා බිරිය කෙරෙහි දක්වන සෙනෙහස ද අඩුවෙනු ඇත. එබැවින් බිරිය ඔවුන් කෙරෙහි මහත් සැලකිල්ලෙන් හා ප්‍රවේශමෙන් සංග්රහ කළ යුතුය. තවද ස්ත්‍රියක විවාහවීමත් සමගම තමන්ට සිටි මවුපියන් සිවුමාපියන් බවට පත් වෙති. එවිට ඇය තමන්ගේ දෙමවුපියන්ගේ මෙන්ම ඔහුගේ දෙමවුපියන්ගේ කටයුතුද මැනැවින් සොයාබලා කළ යුතුය. ඔවුන් තම දෙමවුපියන් නොවූවද තම ආදරණීය ස්වාමියාගේ දෙමවුපියන්ය. මෙලෙස ස්වාමියා ගරු කරන සංග්රහ කරන අයට ගරු සත්කාර සංග්රහ කිරීමෙන් ඔහුගේ ආදරය දිනා ගැනීමට හැකිවේ. 


මීළඟට යහපත් බිරියක විසින් සැමියාගේ එළු ලොම් හෝ කපු හෝ යම් ඒ ඇතුළත ඇති කර්මාන්තයන්හි දක්ෂ වී කම්මැලි නොවී උපාය පරීක්‍ෂාවෙන් යුතුව කිරීමට හා සංවිධානය කිරීමට හැකි තැනැත්තියක බවට පත්වීම තුන්වන ගුණය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. යහපත් බිරියක තුළ තිබිය යුතු මෙම උතුම් ගුණය සැබැවින්ම නකුල මාතාව තුළ විය. ඒ බව ඇය තම ස්වාමියා රෝගීව සිටින අවස්ථාවක ඔහුට මතක් කර දීමෙන් පැහැදිලි වෙයි. එනම් මේ උතුම් නකුල මාතාවගේ සැමියා වන නකුල පියා එක් අවස්ථාවක රෝගී වෙයි. ඔහු බෙහෙතින් සුවපත් කරන්නට නොහැකි වූ ඇය යම් හෙයකින් නකුල පියා මිය යන විට අපේක්‍ෂා සහිතව මිය යාමට සිදුවුවහොත් එය ඔහුට අනර්ථයක් අයහපතක් වේ යැයි සිතා අවවාද කරන්නට වූවාය. සෑම දෙයක් කෙරෙහිම ඔහුගේ සිත අපේක්‍ෂා රහිත වීමට ඔවදන් දෙන ඇය “ ගෘහපතිය , ඔබට නකුල මාතා ගෘහපතිනිය මගේ ඇවෑමෙන් පස්සේ දරුවන් පෝෂණය කරන්නට ගෘහවාසය පවත්වන්නට නොහැකි වේ කියා හිතෙන්නට පුළුවනි.

ගෘහපතිය, එය එසේ නොදැකිය යුතුය. ගෘහපතිය, මම කපු කැටීමට ද එළුලොම් වෙළුනෙළීමටද දක්ෂ කෙනෙක්මි. ගෘහපතිය මම ඔබේ ඇවෑමෙන් පසුව දරුවන් පෝෂණය කරන්න ගෘහවාසය පවත්වන්නට පුළුවනි. ගෘහපතිය, ඒ නිසා ඔබ මේ කාරණයෙහි අපේක්‍ෂා ඇතිව කලුරිය කරන්නට එපා “ යනාදි වශයෙන් අවවාද දුන්නාය. එබැවින් මේ ගුණය උතුම් බිරියකගේ ලක්‍ෂණයකි. 

මීළඟට උතුම් බිරිය සැමියාගේ දාසයන්, පණිවිඩකරුවන්, කම්කරුවන් යනාදි අය කළ වැඩ දනියි. නොකළ වැඩ ගැනත් දනියි. ලෙඩවුණු අයගේ ශක්තියත් දුර්වල බවත් දනියි. අනුභව කළ යුතු දේවල් කොටස් වශයෙන් ඒ අයට මනාව බෙදාදෙයි. මෙයත් බිරියක තුළ තිබිය යුතු උතුම් ගුණයකි. මේ ආකාරයට කටයුතු කිරීමෙන් සැමියාගේ දාසයන්, කම්කරුවන් උද්යෝගීමත්ව කටයුතු කරනු ඇත.සේවකයන් ගැන සොයා බැලීමෙන් හා ඔවුන්ට මැනැවින් සංග්රහ කිරීමෙන් තම පවුලට අයත් ආදායම් මාර්ග ඉතා හොඳින් දියුණු කරගත හැකිවන අතර එය සැමියාටද මහත් පහසුවක් වේ.

සැමියා උපයන ධනය හෝ ධාන්ය හෝ රිදී හෝ රන් හෝ යමක් ගෙන එයි ද එය මනාව ආරක්ෂාවෙන් පාලනයෙන් සැපයීම කළ යුතු අතර එහි දූර්ත වීම සොරකම් කිරීම නොකළ යුතුවේ. 

තවද එම උපයන ධනයට ලොල් නොවිය යුතුය. විනාශ නොකළ යුතුය. ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන පස්වන කරුණ මෙයයි. ධනය ඇත්තේ වියදම් කිරීමට මිස ළඟ තබා ගෙන සිටීමට නොවන බව සැබෑය. එහෙත් යම් බිරියක් උපයන සියලුම ධනය නිකරුණේ වියදම් කරයිද ඇය නිවසේ දියුණුව වළක්වයි.

සැමියා උපයන සියලුම ධනය වියදම් කිරීමට සුදුසු මාතෘකා සොයා ගැනීම අපහසු නැත. එහෙත් බිරියක වශයෙන් තම සැමියා ගැන මානුෂීයව හා සෙනෙහසින් යුතුව සිතාබලා ඔහු උපයන ධනය නිකරුණේ වියදම් නොකොට අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නටත් පවුලේ යහපතටත් වෙන් කළ යුතුය. තවද උතුම් ස්ති‍්රය බුදුරජාණන් වහන්සේ ධර්මය, සංඝයා යන තෙරුවන සරණගිය උපාසිකාවක් බවට පත්වෙයි. මේ තෙරුවන් සරණයෑම ස්ත්‍රිය මනාපකායික දෙවියන් අතර ඉපදීමට හේතුවන හයවන කරුණයි.

බුදුරජාණන් වහන්සේ වදාළ හත්වන කරුණ වන්නේ පස් පවින් වැළකී සිල්වත් වීමයි. අටවන කරුණ වන්නේ ස්ත්‍රිය ත්‍යාගවන්තියක වීමයි. අතහැරීමටම වෙන්වුණු දීමටම සූදානම් වූ දන් දීමෙහි ඇලුණූ ඉල්ලීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇලුණු ඉවත් වූ මසුරුමල ඇති සිතින් යුතුව ගිහිගෙහි වාසය කිරීමයි. 
මේ ආකාරයට උතුම් ස්ත්‍රිය තෙරුවන් සරණගිය සිල්වත් වූ දන් දෙන සුළු උපාසිකාවකි. මෙම ධර්ම අටෙන් සමන්විත ස්ත්‍රිය මරණින් පසු මනාපකායික දෙවියන් අතර උපදින බව බුදුරජාණන් වහන්සේ වදාළහ. අනතුරුව උන්වහන්සේ ගාථා හතරක්ද වදාළහ. යම් කෙනෙක් හැමදා නිතර වීර්ය ඇතිව උත්සාහවත් වී ඒ ස්ත්‍රිය පෝෂණය කරයිද කැමැති සියලු දෑ දෙන පෝෂණය කරන ඒ ස්වාමි පුරුෂයාට අවමන් නොකළ යුතුය. පණ්ඩිත වූ යහපත් වූ ස්ත්‍රිය සැමියා ඊර්ෂ්‍යා කිරීමෙන් කෝප නොකරයි.

මෙලොව යහපතත් පරලොවදි මනාපකායික දෙවියන් අතර උපත ලබා තමාට මනාප අයුරින් වාසය කිරීමටත් අවස්ථාව භාග්යය උදාවේ.














ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි



(උපුටා ගැනීම අන්තර්ජාලයෙන්)





Friday, December 7, 2012

ඇදගෙන යෑම

ඔන්න ඉතින් තවත් සති අන්තයක් ආවා.හැමදාම වගේ office එකේ චාටර් වෙලා චාටර් වෙලා ගෙදර ඉන්න දවස. වැඩේ කියන්නේ මේ වෙච්චි සිද්ධියට ලෝචනාත් සම්බන්ධයි. මතකනේ ලෝචනාව..? අර පනහට නා හැනීම post එකේ ඉන්නේ...

ඔන්න ඉතින් ඉරිදා අපි පරෙයිතොටේ නාන්න යන්න කතා කර ගත්තා, එදා උදේ මගේ කාමරේට දුන්නා හොඳ සුද්දයක්, ගෙදර වැඩත් ඉවර කරලා මායි, මල්ලියි, නංගීයි ගියා ලෝචනාලගෙ ගෙදර. එහෙ යද්දී අම්මලා දුවලා යමරෙට වැඩ... කෑම ලෑස්ති කරනව අපේ ගමනට.

ඉතින් අපි කට්ටිය බත් ගෙඩි ටිකකුත් ඔතාගෙන පොඩි උන් ටික ත්‍රීවීල් එකක දාලා අපි මෝටර් සයිකල් වල යන්න පිටත් උනා (ආ.... අමතක උනානෙ කියන්න අපි කිවුවේ, ලෝචනාගේ යලුවෝ දෙන්නෙකුත් සෙට් උනා ගමනට). මමත් සෑහෙන කාලෙකට පස්සේ බයික් එක එලියට ගත්තෙ, නොහිතපු විදියට බයික් එකත් හොඳට වැඩ. ඉතින් නාලා කාලා අපි ආවා ආයි ලෝචනාලගේ ගෙදර. එදා හවස Leo Club එකේ වැඩකට ලෝචනාට ගල්කිස්සේ යන්න තියෙනවා කියපු නිසා අපි ඉක්මනට ලෑස්ති වෙලා අපේ ගෙදරට ආවා. මමත් ඉක්මනට ලෑස්ති උනා මොකද අපි ටිකක් විතර පරක්කු වෙලා හිටියේ. ඊට පස්සෙ ඉතින් අයියනායක දෙවියො සිහිකරලා පිටත් උනා ගල්කිස්සේ යන්න.

අපරාදෙ කියන්න බෑ නියම ගමන. රාවණා රජ්ජුරුවො දඬු මොණරෙ නැඟලා යද්දි මොනවා හිතෙන්න ඇති ද..? මට එහෙම හිතුණා...
කිසි අවුලක් නැතුව පානදුරේට කිට්ටු වෙනකන් අපි full classical විදියට ගියා, හරියට නිකන් හින්දි පික්චර් එකක වගේ.

අපි ඉතින් වලක් හෑරුවොත් ගෙම්බෙක් කියනව වගේ, පානදුරේට කිට්ටු කරලා හිට්ටනේ බයික් එක. මොන විදියකින්වත් ස්ටාර්ට් කරගන්න බෑ. මොනවා කරන්නද...?  අපරාදෙ කියන්න බෑ call ceylinco වගේ සහයට ඩැනී ඉන්නවා. "ඩල්සි" (දසුන්). අපිට සහයට ඉන්නේ  ඩල්සි. call එක අරගෙන මිනිත්තු පහළවකින් විතර ඩල්සි ගේ මල්ලි ආවා. මලයාට ඇඳ ගන්න යන වෙලාවට ත් වඩා සෑහෙන අඩු වෙලාවක් තමයි හොරණ ඉඳන් පානදුරේට යන්න ගිහින් තිබ්බෙ. කීයටද මලයො ආවෙ කිව්ව ම ඒකා ඇඟට පතට නොදැන කියපි, "අනූවට විතර.."
වැඩේ කියන්නෙ මේ මිනිත්තු පහළවෙත් අපි photo shoot එකක් කරා. ලෝචනාටත් ඉතින් photos වලට pose කරන්නම බෑ.....ලු..එක එක තාලෙට ඉඳලා කියනවා "නැචුරල් පෝස්" කියලා...



අන්තිමට photo shoot එකත් ඉවර කරලා බයික් එක ගැට දාලා දාලා  අමුණ ගත්තා ඩල්සියගෙ දඬුමොණරෙට.. ලෝචනා මල්ලි එක්ක ඒ බයික් එකේ..පිටිපස්සෙන් වාඩි වෙලා කැමරාවත් මාන මාන මෙන්න මාව ඇදන් එන හැටි ෆොටෝ ගන්නවා..ඒ අතරෙ දෙන්න ම පාර හරහා එන ඔක්කොටම signal දදා එනවා...මට ම හිනා අන්තිමට...


කොහොමෙන් කොහොම හරි බයික් එක ගැරේජ් එකට හදන්න දාලා අපි තුන් දෙනා ගෙදර ආවා..අපෙ අම්මා එදා නම් මට වැඩිය හිනා වුණේ නෑ...

ඒ ඇදගෙන ආපු ඇදගෙන ඒම නම් මට සෑහෙන කාලයක් යන කල් මතක තියෙයි...කොහොම හරි බයික් එක සම්පූර්ණයෙන් ම හදා ගෙන මිසක ආපහු නම් යන්නෙ නෑ කියලා මම හිතා ගත්තා...

Wednesday, November 28, 2012

මගේ HDR වෑයම

ඔන්න ඉතින් මමත් දඟලලා දඟලලා කොහොම හරි HDR ෆොටෝස් ටිකක් හදා ගත්තා. ඒවා එච්චරම හොඳ නැතුව ඇති, නමුත් මේ මගේ පළමුවන HDR උත්සහයයි. ඔබගේ වටිනා අදහස්, යෝජනා හා චෝදනා comments කොටුවේ දාන්න...












Sunday, November 25, 2012

ලැසී

හීනෙන් වගේ ඔරලෝසුවෙ හය වැදුනා ඇහෙනකොට ම මූණ පුරාම සීතලක් එක්ක තෙත ගතියක් දැනුණා..අත පය ගසලා පොඩ්ඩක් එහාට කළා ම තමයි ලෙව කන එක නතර කළේ.අපොයි ඉතින් ඊළඟට එයාගෙ හුරතල් වෙන වෙලාව..
මගෙ පපුව උඩට වෙලා, දික් කර ගන්න මූණ මගෙ බෙල්ල අස්සෙ ඔබාගෙන මම එයාගෙ සුදු පාට කලු පාට සිනිඳු මවිල් අත ගානකල් පුදුම ආසාවකින් බලාගෙන ඉන්නවා...
ඒ විනාඩි පහ ඉවර උනා ම ආපහු මතක් කරන්න ඕනෙ නෑ, කිසි ම කරදරයක් නැතුව එයා බැහැලා යනවා, මට පරක්කු වෙන බව දන්නවා වගේ..
ලැසී..මගෙ ආදරේ..අපි දෙන්නා කතා කරන්න වචන දන්නෙ නැති වුණාට අපි දෙන්නට දෙන්නා අපි දෙන්නව හොඳට දැනගෙන හිටියා..අපිට අපිව හොඳට ම තේරුනා..මට දුක හිතුණු වෙලාවල්, සතුටින් හිටපු වෙලාවල්...ඒ වෙලාවට කොහොමද මාත් එක්ක ඉන්න ඕනෙ...
ඒ විතරක් නෙමෙයි, මට චුට්ටක් හරි තරහ ගියාම මාව මග ඇරල ඉන්නත් මගෙ චූටි කෙල්ල දැන ගෙන හිටියා..(ඒක නම් කපටිකමට ද කොහෙද..?)

ලැසී අපේ ගෙදරට ආවෙ මගේ පුංචි අම්මාගේ හත් දවසේ දානේ දවසේ එදා අපේ ගෙදරට අළුත් අමුත්තෙක් විදිහට ආවට පස්සේ ලැසී නැතුව අපේ ගෙදර අමුතු වෙන තරමට ම එයා අපේ මුලු ගෙදර ම වෙනස් කළා...ඉතින් මෙයා තමයි අපේ ගෙදර කාගෙත් හුරතලේ...පොඩි කාලෙ ඇවිදගන්න බැරි තරමටම බෝලයි.චුට්ටක් ඇවිද්දහම ඉතුරු ටික රෝල් වෙන තරමටම බෝලයි.කෙටියෙන්ම කියනවනම් එයා බෝල බබෙක්.
බබ්බු හැමදාම ඒ ස්යිස් එකෙන්ම ඉන්නෙ නැනෙ (එහෙම ඉන්නවනම් කොච්චර හොඳ ද???) ඉතින් මෙයාගෙත් අත පය දික් උනා...එහෙම උනාට මොකද තාම හුරතලේ. "එයා දැන් ලොකු ළමයෙක්!!!"
ලැසීගෙන් ඉගෙන ගන්න හුඟාක් දේවල් අපිට තිබුණා..පිළිවෙළකට කෑම කන්න ලැසී හරි ආසයි...එයාගෙ කෑම තනියම එයාම පිඟානට දාගෙන කන්න එයා පුරුදු වෙලා තිබුණා..සමහර වෙලාවට ඒවත් එක්ක කේන්තිත් යනවා..ඇයි ඉතින් ඒ දිහා බල බල අපේ අම්මා බනින්නෙ අපිටනේ..වෙලාවකට අම්මා කියනවා උඹලට වැඩිය මේ තිරිසනා හොඳට හැදිලා තියෙනවා කියලා...එල්ලෙන්න හිතෙන්නෙ ඒ වෙලාවට තමයි..

මෙයා හරි ආස දේවල් list එකක් තිබුනා. මම ටිකක් කියන්නම්.

  • වරකා කන්න.
  • ඇලේ බැහැලා දියබරි එක්ක සෙල්ලම් කරන්න.
  • අපේ අම්මගේ කුමුදු පොකුනෙන් වතුර බොන්න.
  • බල්ලෙක් වුණාට කලින් වැඩි වාර ගාණක් පූසෙක් වෙලා හිටපු ගතිත් මෙයාට තිබුණා..මීයො අල්ලන්න ආස වෙන්න ඇත්තෙ ඒ හින්දා..
වෙනදා විදිහට ම අද උදෙත් හය වැදුනා මතකයි..අර මූණ පුරා දුවන තෙත ගතිය තාම නෑ..මම ඇස් දෙක ඇරලා බැලුවා..අද නොවැම්බර් 24..හ්ම්ම්...
ලැසී අපි හැමෝ ම දාලා ගිහින් අදට අවුරුදු දෙකයි...
ඒත්.., මට තාමත් ඒක එහෙම වුණා කියලා හිතා ගන්න බෑ..කැම්පස් එකේ ඉඳලා හදිස්සියෙ ඇවිත් ලැසී වළ දැම්මා කියලා හිතන්නවත් මට හිතෙන්නේ නෑ..
තාම ඒ බෝල බබා දඟ කරන හැටි..මට තාම පේනවා..කොයි තරම් කමැති වුණත් ලැසී ආපහු මගෙ ළඟට එන්නෙ නෑ..
එහෙම හිත හිතා මම ඇඳෙන් බිමට බැස්සා..




Saturday, November 24, 2012

HDR සේයා රූ

Face Book එකේ මොනවද නැත්තේ....හැම විශයකටම අදාල මොකක් හරි දෙයක් මේකේ තියෙනවා. ෆොටො ටෝක්ස් (සේයා-රූ කථ බහ) කියලා කියන්නෙත් මේ තියෙන නානාප්‍රකාර පිටු අතරින් photography කරන්න අමාරුවක් තියෙන අයට වෙන් වෙච්චි එක පිටුවක්. ඇත්තටම කියනවනම් photography කරන්න නලියන අමාරුවක් තියෙන පිරිසක් තමයි මේකෙ ඉන්නෙ; ගුරුවරු, අපි වගෙ ගෝලයො තම තමන් ගත්ත ෆොටොස් upload කරලා එවට comments ගන්න ගමන් ඉගෙන ගන්නවා...

ඔන්න ඉතින් මම දවසක් මෙකේ කරක් ගගහා ඉද්දී මම දැක්කා HDR කියලා ෆොටො එකක්. ඒ ෆොටෝ එක පට්ටම ආතල් ෆොටො එකක්. ඒක හරියට නිකන් ච්ත්‍රයක් වගේ.

මෙන්න මේ වගේ ෆොටෝස් තමයි HDR කියන්නේ...

උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන්

උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන්

උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන්

උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන්

මමත් ඉතින් ටිකක් හොයලා බැලුවා මොනවද මේ HDR කියන්නෙ කියලා. HDR කියන්නෙ High Dynamic Range කියන එක. මට ඒක ඒත් තේරුනෙ නෑ, ග්‍රීක් වගේ.

ඉතින් මේ වගේ ප්‍රශ්නයකට උත්තර දන්න සිංහලෙන් දැනගන්න පුලුවන් එකම තැන ෆොටො ටෝක්ස් නිසා... මම එකේ wall එකේ මට තියෙන ප්‍රශ්නෙ ලියලා දැම්මා.

එතනදී ඇතිවෙච්චි සුහද කථා බහ තමයි මේ...


Tharindu Mahawatta: (මේ මම) මෙම ස්ංවාදයට එකතු වෙන්න මෙතන ඔබන්න
කවුරුහරි මට HDR ගැන කියල දෙනවද???
Like ·  · Unfollow Post · November 1 at 11:21pm
Sashika Saranga Athukorala and 6 others like this.

Pasan Godakanda: HDR කියන්නෙ exposure කිහිපයක් යටතේ ගන්න එකම ස්ථානයේ චායාරූප කීපයක් එක්කර හදාගන්න කලාත්මක නිර්මාණයක්. High Dynamic Range නොහොත් ඉහල ප්‍රවේගික පරාසයක් ඇතුලත් වන මෙම චායාරූප තුල සියුම් තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තියෙනවා.
November 1 at 11:28pm · Unlike · 1

Tharindu Mahawatta: ඒ කියන්නෙ එහෙම ගන්න photos, photoshop වලින් superimpose කරන්න ඕනද???
November 1 at 11:32pm · Like

Dasun Wanaguru: නැහැ....ඒ නිකන් මැගී නුල්ඩ්ස් වගේ විනාඩි දෙකෙන් හදන ඒවනේ...පිකාසා වගේ එවායෙන්...ඒවා නෙම්යි හරි HDR කියන්නේ...එකම ස්තානයක රූප තුනක් එකක් UNDER exposure ලෙසත් අනිකOVER exposure.ලෙසත් අරගෙන ඒ තුන එකට එකතු කරගැනීමයි...ඒක ටිකක් සංකීර්න ක්‍රියාවක්...
November 1 at 11:36pm · Unlike · 3

Tharindu Mahawatta: ඇත්තටම සංකීර්නයි වගෙ... මම කීපයක් උත්සහ කරල බලන්නම්. අඩු පාඩු තියෙන ඒවා කියල දෙනවනම් බොහොම පිං
November 1 at 11:40pm · Like

Pasan Godakanda: නෑ මම ෆොටෝෂොප් ගැනනම් එච්චර දන්නෙ නෑ ඒත් CS5 CS6 වල HDR processing කෙලින්ම තියනව. ලේසිම වැඩේ තමය් 3rd party HDR creating software එකක් ගන්න එක. නොමිලේ තියනව http://qtpfsgui.sourceforge.net/

මෙන්න ෆොටෝෂොප් වලින් කරන විදිය http://www.emmettlollis.com/tutorials/photoshop/2010/photoshop-cs5-hdr-tutorial/
November 1 at 11:43pm · Unlike · 5

Dasun Wanaguru: හරි HDR කියන්නේ...එකම ස්තානයක රූප තුනක් එකක් UNDER exposure ලෙසත් අනිකOVER exposure.ලෙසත් අරගෙන ඒ තුන එකට එකතු කරගැනීමයි..
November 1 at 11:45pm · Unlike · 5

Tharindu Mahawatta: =) ඔබතුමාලට බොහොම පිං
November 1 at 11:46pm · Like · 1

Pasan Godakanda: Dasun Wanaguru තුනක් නෙමෙය් කිහිපයක්. වැඩිවෙන තරමට details වැඩිය්
November 1 at 11:48pm · Edited · Unlike · 5

Dasun Wanaguru: ඔව් එහෙම පුලුවන් මං කිව්වේ සරලම විදිහ...එක්ස්පෝස් ගොඩක් ගන්න පුලුවන්නම් ඩීටේලස් ගොඩක් වැඩියි තමයි.. (Y) හැබැයි එතකොට නේචර් පොටෝග්‍රැපි එකක්නම් අතාත්වික වෙනවා....
November 1 at 11:50pm · Edited · Unlike · 6

Dilhan Randeera Fernando: harima wedagath sanwadayak pasan saho dasun saho oyalata thanks mamath mewalin danne neti yam yam de denaganna lebuna.. :) (y)
November 2 at 12:10am · Like

Indranatha Thenuwara: HDR - High Dynamic Range කියන්නෙ අධික ගතික පරාස ඡායාරූපවලටයි.
එවැනි ඡායාරූපයක,අතිශයින් ඉහළ ආලෝක ත්ත්වයක් යටතේ අනාවරණය වන ස්ථානවල විස්තරත්, අවම ආලෝක ත්ත්වයක් යටතේ ඇති ස්ථානයක විස්තරත් එක සේ අඩංගු වෙනව. ඒක හරියට අපේ ඇසට රූප පෙනෙනව වගෙයි.

කොටින් ම මෙවැනි පින්තූරයක අධික අනාවරිත හෝ මන්ද අඅනාවරිත කිසිම ස්ථානයක් තිබෙන්නට බැහැ. ඒ හැම ස්ථානයක් ම විස්තරාත්මක වෙනව.
මෙවැනි පින්තූරයක් නිර්මාණය කරන්නටනම් අවම වශයෙන් පින්තූර 3ක් තිබෙන්නට ඕනෙ. ඒව Raw නම් අවසාන ප්‍රතිපලය ඉතා ඉහළයි.
මේ High Dynamic Range පින්තූර සඳහා ගන්නා ඡායාරූපවල හොඳට ම මන්ද අනාවරිත Under Exposed පින්තූරයේ ඉහළ ම ආලෝක ත්ත්වයේ විස්තර හොඳින් දැක ගන්න පුලුවනි, පොඩ්ඩක්වත් බර්න් නොවී.
ඒ වගේ ම හොඳට ම අධික අනාවරිත Over Exposed පින්තූරයක, අඳුරුම ස්ථානවල තිබෙන උපරිම විස්තර සටහන් වෙලා තියෙනව.
අවසාන නිර්මාණය කර ගැනීමට මේ පින්තූර සියල්ල එකට අනා ගන්න ඕනෙ..!!

November 2 at 12:50am · Unlike · 19

Audarya Herath: BRACKET kiyanneth HDR mada???????????
November 2 at 1:21am · Unlike · 1

Aravinda Chandrapadma: නෑ නෑ BRACKET‍ING කියන්නේ එක දිගට විවිධ exposures කීපයක ෆොටෝස් ගන්න පුලුවන් DSLR කැමරාවල තියන පහසුකමක්
http://www.all-things-photography.com/bracketing.html
November 2 at 6:49am · Unlike · 1

Tharindu Mahawatta: මට අත්තටම සතුටුයි මේ සංවාදයට. මට HDR ගැන කියල දීපු හැමෝටම බොහෝම ස්තූතී...
November 2 at 9:05am · Like

Udara Godage: Hi Tharidu, just try "Photomatrix", it's an app for HDR, you will love it, if you want I can send it through dropbox, or if you know an easier way, pls let me know.
November 2 at 6:54pm · Unlike · 1

Tharindu Mahawatta: great :) !!!!!thank you, i will give you my email.....
November 3 at 8:49am · Like

ඔන්න ඔහොම තමයි මම HDR ගැන ඉගෙන ගත්තේ...

මෙම ස්ංවාදයට එකතු වෙන්න මෙතන ඔබන්න

Thursday, November 22, 2012

(අහලම බලන්න) Stuff that you have to listen

"Karmacoma"

Single by Massive Attack
from the album Protection

Released:   March 1995
Format:      CD 12"
Recorded:  1994
Genre:        Trip hop
Length:       5:21
Label:         Virgin Records
Producer:    Massive Attack and Nellee Hooper



Other Songs in this Album

1 Massive Attack featuring Tracey Thorn - Protection
2 Massive Attack - Karmacoma
3 Massive Attack - Three
4 Massive Attack - Weather Storm
5 Massive Attack - Spying Glass
6 Massive Attack - Better Things
7 Massive Attack - Euro Child
8 Massive Attack - Sly
9 Massive Attack - Heat Miser
10 Massive Attack - Light My Fire (Live)

Some of their most noted songs have been without choruses and have featured dramatically atmospheric dynamics, conveyed through either distorted guitar crescendos, lavish orchestral arrangements or prominent, looped/shifting baselines  underpinned by high and exacting production values, involving sometimes copious digital editing and mixing. The pace of their music has often been slower than prevalent British dance music at the time. These and other psychedelic, soundtrack-like and DJist sonic techniques, formed a much-emulated style journalists began to dub "trip hop" from the mid-nineties onward, though in an interview in 2006, G said, "We used to hate that terminology [trip-hop] so bad,' laughs. 'You know, as far we were concerned, Massive Attack music was unique, so to put it in a box was to pigeonhole it and to say, "Right, we know where you guys are coming from." 
වැඩි විස්තර සඳහා (http://en.wikipedia.org/wiki/Massive_Attack)

"33 degree"

By Thievery Corporation
from the album Radio Retaliation

Album:       Radio Retaliation
Released:  September 23, 2008
Genre:        ElectronicTrip hop
Length:      3:47
Label:        ESL Music, Inc.


Other Songs in this Album (Click here and listen all)

1 Sound The Alarm
2 Mandala
3 Radio Retaliation
4 Vampires
5 Hare Krishna
6 El pueblo unido
7 The Forgotten People
8 33 DeGrees
9 Beautiful Drug
10 La Femme Parallel
11 Retaliation Suite
12 Numbers Game
13 Shining Path
14 Blasting Through The City
15 Sweet Tides


Thievery Corporation is a Washington, D.C. based recording artist and DJ duo consisting of Rob Garza, Eric Hilton, and their supporting artists, Frank 'Booty Lock' Mitchell, Jeff Franca and Ashish Vyas. Their music style mixes elements of dub, acid jazz, reggae, Indian classical, Middle Eastern, and Brazilian (such as bossa nova).
වැඩි විස්තර සඳහා (http://en.wikipedia.org/wiki/Thievery_Corporation#Discography)

Wednesday, November 21, 2012

සත්තු වත්ත (The Zoo)

කැම්පස් එකේ හැම දවසක්ම ආතල් නෑනේ...දවසක් ෆුල් හන්ටර් වෙලා තියෙන වෙලාවක යාලුවෙක්ගෙ කැමරාවක් හම්බ උනා, කරන්න දෙයක් තිබුනෙත් නැති නිසාත්, photography කරන්න නලියන ආසාවක් තියෙන නිසාත් කැමරාවත් උස්සගෙන බයෙන් බයෙන් ගියා...
.
.
.
.
සත්තුවත්තට...
(මාවත් එහෙ තියා ගත්තනම් එපා කියලා කියන්නද)

රුපියල් 50ට සත්තු ගොඩාක් බලන්න කියලා හිතාගෙන ගියාට මොකද..? හැමදාම වගේ මගේ ලක් එකේ "හි"ලක්..

"අලුත්වැඩියා කටයුතු සඳහා මෙහි සතුන් තාවකාලිකව ඉවත් කර ඇත"

දිලිසි දිලිසි ඔය තියෙන්නේ විසාල බෝඩ් ලෑල්ලක්......
ලද දෙයින් සතුටු වීම, එහෙමත් නැත්නම් "අල්පේච්ඡතාව" පුරුදු වෙන්න මේක හොඳම හොඳ චාන්ස් එකක්..දෙයියො දුන්නොත් අපිට ඔහොම ස්වීප් එකක් තමයි ඉතින්...එහෙම හිතාගෙන ඉන්න සත්තු ටිකවත් බලලා සැනසෙන්නම් කියලා කැමරාවත් අරගෙන සූදානම් සරීරෙන් මම "ක්ලික්" කරන්න බලාගෙන හිටියා...

වෙනදා වගේ හුඟාක් වඳුරු කූඩු නැති හින්දා ද කොහෙද ඉතිරි වෙලා තිබුණු කූඩුවෙ පුංචි වඳුරෙක් හිටියේ ජනවාරි පළවෙනිදා ම කැඳ බිව්වා වගේ, පුදු ම කම්මැලි කමකින්. එළියේ හිටපු අපි දිහා බලලා සංසාරෙම ගිල ගන්න වගේ ඈනුමක් ඇරලා ඌ අපි දිහා දුකෙන් බැලුවා.."පව් මේ මිනිස්සු, කිසි ම නිදහසක් නැතුව කූඩු වෙලානෙ ඉන්නේ.." මොකක්....???
එතකොට කූඩුවෙ ඉන්නෙ අපි ද? වඳුරා ද..? මට නිකමට හිතුණා..
ඒත්.., 
වෙනදා විදිහට ම දුව පනින කොට, වලිගෙන් එල්ලිලා අත්තෙන් අත්තට පනින්න හදන කොට, පරණ පුරුදු විදිහට ම අතපය දිග ඇරලා ඉන්න ඉඩ නැති බව , කූඩුවෙ බිත්ති හතරෙන් ඌට දැනෙනවා ඇති...
හ්ම්ම්ම්....ඉහළට ගත්ත හුස්මත් එක්ක ම ඒ දේවල් බිමට අත ඇරලා මම එතනින් යන්න ගියා..


"රාජා", "බන්දුල" කුල්ලක් වගේ ලොකු ම ලොකු කන් දෙකකින් මැස්සෝ එලවනවා..තාලෙට වැනි වැනී..කළු ම කළු පාට ලොකු වළාකුළක් වගේ..ඒත් මම අහලා තිබුණ, මගෙ හිතේ තිබුණ සද්දන්ත් කුලේ තේජසක් මට දකින්න තිබුණෙ නෑ.අනේ මන්දා.. කන්න දීලා තිබුණ කිතුල් අතු, කෙහෙල් බඩ...,"දෙන දෙයක් කාලා වෙන දෙයක් බලා ගෙන ඉන්න" theory එකට ම apply කරලා තිබුණා.. කැලෑවේ අලියෙක්, "වල් අලියෙක්" කිව්ව ම හිතට දැනුණු බය පොඩ්ඩක්වත් දැනුණෙ නෑ..කොයි තරම් විශාල වුණත්, කොයි තරම් බල පුලුවන්කාරකම් තිබුණත්, ඒ හැමදේ ම යට කරගෙන යන විදිහට අලි කකුල් පුංචි දම් වැලකින් නිකම් ම නිකම් සිමෙන්ති කණුවකට බැඳලා තිබුණා..හිතට දැනුණෙ දුකක් ද කලකිරීමක් ද කියලා වෙන් කර ගන්න මට බැරි වුණා..

ගැට කිඹුලෙක් නිදි හොඳටෝ ම..ඒත් එක්ක ම තාරකා ඉබ්බෝ, ගල් ඉබ්බෝඅ ඒ ළඟ ම හිටියෙ පුදු ම යාලු කමකින්.ගැට කිඹුලා හිටපු තැන ම රැළි වැටුණ හැටි ටිකක් අමුතුයි..කවුරු ම හරි හොරෙන් මං දිහා බලන් ඉන්නවා...


අනේ...පුංචි කිඹුල් පැටියෙක්..සබ්මැරීන් එකකින් ඔත්තු බලන system එක copy කරලා තියෙන්නේ මම හිතන්නේ කොහේ හරි හිටපු කිඹුලෙකුගෙන්...

හොර ගෙඩියෙක් වගේ වතුර යටින් පීනලා ඇවිත් බලපු හැටි. පුදු ම සතුටකින්..වතුර යටින් අහස දිහා බලන කොට හරි ම ලස්සනට ඇති..ලොකු කිඹුල් තඩියා පුංචි පැටියා දිහා ඔහේ බලාගෙන හිටියා..හරියට සීයා මං පුංචි කාලෙ අපි දිහා බලාගෙන හිටියා වගේ...හැබැයි ඒ ඇස් වල කියා ගන්න බැරි මොකක්දෝ ලොකු දුකක් තැවරිලා තිබුණා..ඔව් ඔව්..දුකෙන් තමයි..ඒක නම් හොඳට ම විශ්වාසයි..."පුංචි කොල්ලෝ, මාත් ඔය කාලෙ ඔය පොකුණේ පීනුවා.හතර වටේට ම වතුර විසි වෙන තරම් දාංගලෙන් පීනුවා.වතුර යටින් අහස දිහා බලන් හිටියා.ටික ටික මං ලොකු වුණා.එතකොට තමයි මට දැනුණෙ මේ පොකුණ පුංචි වෙනවා කියලා.එදා ඉඳන් ඒ තිබුණ සතුට මට නැති වුණා.අද මෙහෙම ඉබ්බොත් එක්ක ඉන්න වෙලා..." 

හෝව්..!! හෝව්...!!! දොස්තර හොඳ හිතට වගේ සත්තු කියන දේවල් මටත් ඇහෙනව ද..?
ඇත්තටම ඒ ගැට කිඹුලා කතා කළා ද..? මට ලොකු ප්‍රශ්නයක්...


"ඉගිලෙන්න තහනම් නම් දුරක්- ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්.."

කුරුලු උයනෙ හිටපු හැම කුරුල්ලෙක් ම කිචි බිචි ගාලා කිව්වේ ඒ සිංදුව..සංක්‍රමණික කුරුල්ලෝ තමන් කැමති කාලෙක කැමති තැනකට පියාඹලා යන්න තිබුණු නිදහස   නැතුව කෑ ගැහුවා.. කුරුල්ලෝ තාලෙට සිංදු කියනවා නෙමෙයි.ලිප්ටන් වට රවුමෙ උද්ඝෝෂණයක් වගේ තරහෙන් කෑ ගහපු එක විතර ම යි උන්ට කරන්න ඉතිරි වෙලා තිබුණෙ.









"සමනළ උයන"  

ලොකු වීදුරු බිත්තියක් දාලා රතු පාට පින්න මල් පිපුණු තැනක්.සමනළුන්ට ඒක කාමරයක් කියලා හිතෙන්න ඇති. මේ ලෝකෙට පාට දුන්නෙ සමනල්ලුන්ගෙ තටු වලින්.. ලෝකෙ ම ලස්සන කරන්න පාට බෙදපු සමනල්ලු කැමති මලකින් පැණි බොන්න යන්න විදිහක් නැතුව හිර වෙලා බලන් හිටියා.එතන තිබුණේ පින්න මල් විතර මයි..
අපේ නංගි පැණි රස කන්න ආසයි..ඒත් මම ආස නෑ. ඉතින් සමනල්ලුත් එහෙම වෙන්න ඇතිනේ.. හැම සමනළයා ම පින්න මල් වලට ආස ද..?


මේ "සත්තු වත්ත"...ඒ කිව්වේ සත්තුන්ගේ වත්ත ද..? එහෙම නැත්නම් අපිට බලා ගන්න, අපිට සත්තු ගැන දැන ගන්න උන්ට ඉන්න වෙලා තිබුණු වත්ත ද..?

දුක හිතෙන තැන් වල වැඩි වෙලා ඉන්න හොඳ නෑ. හිතපු තරම් නැති වුණත්, ෆොටෝ ටිකක් අරගෙන මම ඉක්මණට එන්න ආවා...