ඔන්න ඉතින් මම දවසක් මෙකේ කරක් ගගහා ඉද්දී මම දැක්කා HDR කියලා ෆොටො එකක්. ඒ ෆොටෝ එක පට්ටම ආතල් ෆොටො එකක්. ඒක හරියට නිකන් ච්ත්‍රයක් වගේ.
මෙන්න මේ වගේ ෆොටෝස් තමයි HDR කියන්නේ...
![]() |
උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන් |
![]() |
උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන් |
![]() |
උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන් |
![]() |
උපුටා ගැනීම අන්තර්ජන්ජාලයෙන් |
මමත් ඉතින් ටිකක් හොයලා බැලුවා මොනවද මේ HDR කියන්නෙ කියලා. HDR කියන්නෙ High Dynamic Range කියන එක. මට ඒක ඒත් තේරුනෙ නෑ, ග්‍රීක් වගේ.
ඉතින් මේ වගේ ප්‍රශ්නයකට උත්තර දන්න සිංහලෙන් දැනගන්න පුලුවන් එකම තැන ෆොටො ටෝක්ස් නිසා... මම එකේ wall එකේ මට තියෙන ප්‍රශ්නෙ ලියලා දැම්මා.
එතනදී ඇතිවෙච්චි සුහද කථා බහ තමයි මේ...
Tharindu Mahawatta: (මේ මම) මෙම ස්ංවාදයට එකතු වෙන්න මෙතන ඔබන්න
කවුරුහරි මට HDR ගැන කියල දෙනවද???
Like · · Unfollow Post · November 1 at 11:21pm
Sashika Saranga Athukorala and 6 others like this.
Pasan Godakanda: HDR කියන්නෙ exposure කිහිපයක් යටතේ ගන්න එකම ස්ථානයේ චායාරූප කීපයක් එක්කර හදාගන්න කලාත්මක නිර්මාණයක්. High Dynamic Range නොහොත් ඉහල ප්‍රවේගික පරාසයක් ඇතුලත් වන මෙම චායාරූප තුල සියුම් තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගතව තියෙනවා.
November 1 at 11:28pm · Unlike · 1
Tharindu Mahawatta: ඒ කියන්නෙ එහෙම ගන්න photos, photoshop වලින් superimpose කරන්න ඕනද???
November 1 at 11:32pm · Like
Dasun Wanaguru: නැහැ....ඒ නිකන් මැගී නුල්ඩ්ස් වගේ විනාඩි දෙකෙන් හදන ඒවනේ...පිකාසා වගේ එවායෙන්...ඒවා නෙම්යි හරි HDR කියන්නේ...එකම ස්තානයක රූප තුනක් එකක් UNDER exposure ලෙසත් අනිකOVER exposure.ලෙසත් අරගෙන ඒ තුන එකට එකතු කරගැනීමයි...ඒක ටිකක් සංකීර්න ක්‍රියාවක්...
November 1 at 11:36pm · Unlike · 3
Tharindu Mahawatta: ඇත්තටම සංකීර්නයි වගෙ... මම කීපයක් උත්සහ කරල බලන්නම්. අඩු පාඩු තියෙන ඒවා කියල දෙනවනම් බොහොම පිං
November 1 at 11:40pm · Like
Pasan Godakanda: නෑ මම ෆොටෝෂොප් ගැනනම් එච්චර දන්නෙ නෑ ඒත් CS5 CS6 වල HDR processing කෙලින්ම තියනව. ලේසිම වැඩේ තමය් 3rd party HDR creating software එකක් ගන්න එක. නොමිලේ තියනව http://qtpfsgui.sourceforge.net/
මෙන්න ෆොටෝෂොප් වලින් කරන විදිය http://www.emmettlollis.com/tutorials/photoshop/2010/photoshop-cs5-hdr-tutorial/
November 1 at 11:43pm · Unlike · 5
Dasun Wanaguru: හරි HDR කියන්නේ...එකම ස්තානයක රූප තුනක් එකක් UNDER exposure ලෙසත් අනිකOVER exposure.ලෙසත් අරගෙන ඒ තුන එකට එකතු කරගැනීමයි..
November 1 at 11:45pm · Unlike · 5
Tharindu Mahawatta: =) ඔබතුමාලට බොහොම පිං
November 1 at 11:46pm · Like · 1
Pasan Godakanda: Dasun Wanaguru තුනක් නෙමෙය් කිහිපයක්. වැඩිවෙන තරමට details වැඩිය්
November 1 at 11:48pm · Edited · Unlike · 5
Dasun Wanaguru: ඔව් එහෙම පුලුවන් මං කිව්වේ සරලම විදිහ...එක්ස්පෝස් ගොඩක් ගන්න පුලුවන්නම් ඩීටේලස් ගොඩක් වැඩියි තමයි.. (Y) හැබැයි එතකොට නේචර් පොටෝග්‍රැපි එකක්නම් අතාත්වික වෙනවා....
November 1 at 11:50pm · Edited · Unlike · 6
Dilhan Randeera Fernando: harima wedagath sanwadayak pasan saho dasun saho oyalata thanks mamath mewalin danne neti yam yam de denaganna lebuna.. :) (y)
November 2 at 12:10am · Like
Indranatha Thenuwara: HDR - High Dynamic Range කියන්නෙ අධික ගතික පරාස ඡායාරූපවලටයි.
එවැනි ඡායාරූපයක,අතිශයින් ඉහළ ආලෝක ත්ත්වයක් යටතේ අනාවරණය වන ස්ථානවල විස්තරත්, අවම ආලෝක ත්ත්වයක් යටතේ ඇති ස්ථානයක විස්තරත් එක සේ අඩංගු වෙනව. ඒක හරියට අපේ ඇසට රූප පෙනෙනව වගෙයි.
කොටින් ම මෙවැනි පින්තූරයක අධික අනාවරිත හෝ මන්ද අඅනාවරිත කිසිම ස්ථානයක් තිබෙන්නට බැහැ. ඒ හැම ස්ථානයක් ම විස්තරාත්මක වෙනව.
මෙවැනි පින්තූරයක් නිර්මාණය කරන්නටනම් අවම වශයෙන් පින්තූර 3ක් තිබෙන්නට ඕනෙ. ඒව Raw නම් අවසාන ප්‍රතිපලය ඉතා ඉහළයි.
මේ High Dynamic Range පින්තූර සඳහා ගන්නා ඡායාරූපවල හොඳට ම මන්ද අනාවරිත Under Exposed පින්තූරයේ ඉහළ ම ආලෝක ත්ත්වයේ විස්තර හොඳින් දැක ගන්න පුලුවනි, පොඩ්ඩක්වත් බර්න් නොවී.
ඒ වගේ ම හොඳට ම අධික අනාවරිත Over Exposed පින්තූරයක, අඳුරුම ස්ථානවල තිබෙන උපරිම විස්තර සටහන් වෙලා තියෙනව.
අවසාන නිර්මාණය කර ගැනීමට මේ පින්තූර සියල්ල එකට අනා ගන්න ඕනෙ..!!
November 2 at 12:50am · Unlike · 19
Audarya Herath: BRACKET kiyanneth HDR mada???????????
November 2 at 1:21am · Unlike · 1
Aravinda Chandrapadma: නෑ නෑ BRACKETING කියන්නේ එක දිගට විවිධ exposures කීපයක ෆොටෝස් ගන්න පුලුවන් DSLR කැමරාවල තියන පහසුකමක්
http://www.all-things-photography.com/bracketing.html
November 2 at 6:49am · Unlike · 1
Tharindu Mahawatta: මට අත්තටම සතුටුයි මේ සංවාදයට. මට HDR ගැන කියල දීපු හැමෝටම බොහෝම ස්තූතී...
November 2 at 9:05am · Like
Udara Godage: Hi Tharidu, just try "Photomatrix", it's an app for HDR, you will love it, if you want I can send it through dropbox, or if you know an easier way, pls let me know.
November 2 at 6:54pm · Unlike · 1
Tharindu Mahawatta: great :) !!!!!thank you, i will give you my email.....
November 3 at 8:49am · Like
ඔන්න ඔහොම තමයි මම HDR ගැන ඉගෙන ගත්තේ...
මෙම ස්ංවාදයට එකතු වෙන්න මෙතන ඔබන්න
No comments:
Post a Comment