ඔන්න ඉතින් ඉරිදා අපි පරෙයිතොටේ නාන්න යන්න කතා කර ගත්තා, එදා උදේ මගේ කාමරේට දුන්නා හොඳ සුද්දයක්, ගෙදර වැඩත් ඉවර කරලා මායි, මල්ලියි, නංගීයි ගියා ලෝචනාලගෙ ගෙදර. එහෙ යද්දී අම්මලා දුවලා යමරෙට වැඩ... කෑම ලෑස්ති කරනව අපේ ගමනට.
ඉතින් අපි කට්ටිය බත් ගෙඩි ටිකකුත් ඔතාගෙන පොඩි උන් ටික ත්‍රීවීල් එකක දාලා අපි මෝටර් සයිකල් වල යන්න පිටත් උනා (ආ.... අමතක උනානෙ කියන්න අපි කිවුවේ, ලෝචනාගේ යලුවෝ දෙන්නෙකුත් සෙට් උනා ගමනට). මමත් සෑහෙන කාලෙකට පස්සේ බයික් එක එලියට ගත්තෙ, නොහිතපු විදියට බයික් එකත් හොඳට වැඩ. ඉතින් නාලා කාලා අපි ආවා ආයි ලෝචනාලගේ ගෙදර. එදා හවස Leo Club එකේ වැඩකට ලෝචනාට ගල්කිස්සේ යන්න තියෙනවා කියපු නිසා අපි ඉක්මනට ලෑස්ති වෙලා අපේ ගෙදරට ආවා. මමත් ඉක්මනට ලෑස්ති උනා මොකද අපි ටිකක් විතර පරක්කු වෙලා හිටියේ. ඊට පස්සෙ ඉතින් අයියනායක දෙවියො සිහිකරලා පිටත් උනා ගල්කිස්සේ යන්න.
අපරාදෙ කියන්න බෑ නියම ගමන. රාවණා රජ්ජුරුවො දඬු මොණරෙ නැඟලා යද්දි මොනවා හිතෙන්න ඇති ද..? මට එහෙම හිතුණා...
කිසි අවුලක් නැතුව පානදුරේට කිට්ටු වෙනකන් අපි full classical විදියට ගියා, හරියට නිකන් හින්දි පික්චර් එකක වගේ.
අපි ඉතින් වලක් හෑරුවොත් ගෙම්බෙක් කියනව වගේ, පානදුරේට කිට්ටු කරලා හිට්ටනේ බයික් එක. මොන විදියකින්වත් ස්ටාර්ට් කරගන්න බෑ. මොනවා කරන්නද...? අපරාදෙ කියන්න බෑ call ceylinco වගේ සහයට ඩැනී ඉන්නවා. "ඩල්සි" (දසුන්). අපිට සහයට ඉන්නේ ඩල්සි. call එක අරගෙන මිනිත්තු පහළවකින් විතර ඩල්සි ගේ මල්ලි ආවා. මලයාට ඇඳ ගන්න යන වෙලාවට ත් වඩා සෑහෙන අඩු වෙලාවක් තමයි හොරණ ඉඳන් පානදුරේට යන්න ගිහින් තිබ්බෙ. කීයටද මලයො ආවෙ කිව්ව ම ඒකා ඇඟට පතට නොදැන කියපි, "අනූවට විතර.."
වැඩේ කියන්නෙ මේ මිනිත්තු පහළවෙත් අපි photo shoot එකක් කරා. ලෝචනාටත් ඉතින් photos වලට pose කරන්නම බෑ.....ලු..එක එක තාලෙට ඉඳලා කියනවා "නැචුරල් පෝස්" කියලා...
කොහොමෙන් කොහොම හරි බයික් එක ගැරේජ් එකට හදන්න දාලා අපි තුන් දෙනා ගෙදර ආවා..අපෙ අම්මා එදා නම් මට වැඩිය හිනා වුණේ නෑ...
ඒ ඇදගෙන ආපු ඇදගෙන ඒම නම් මට සෑහෙන කාලයක් යන කල් මතක තියෙයි...කොහොම හරි බයික් එක සම්පූර්ණයෙන් ම හදා ගෙන මිසක ආපහු නම් යන්නෙ නෑ කියලා මම හිතා ගත්තා...
No comments:
Post a Comment