Monday, November 19, 2012
ද ටුවරිස්ට් ක්වුන්ටර් (the tourist counter)
සතියම office එකේ චාටර් වෙලා චාටර් වෙලා සති අන්තයේ මම යාලුවොත් එක්ක ගියා නුවර. ඉතින් හැමදාම වගෙ එදත් ගියා දළදා මාලිගාවට වැඳපුදා ගන්න, අපේ බුදුන් අපි වඳින්නෙ නැතුව වෙන කවුරු වඳින්න ද???
නමුත් දළදා හාමුදුරුවෝ වැඳපුදා ගන්න පිට රටවල් වලිනුත් සූ... ගාල සෙනග ඇවිත් හිටියා. නොදැනුවත්ව හරි මේ වගේ පුන්‍ය භූමියකට එන්න පිං කරලා තියෙන්න ඕනා කියලයි මම හිතන්නේ...
මට ඉතින් කොහේ ගියත් building වල ඇදයක් පේනවනෙ, මමත් ඉතින් යාලුවො එක්ක මේක මෙහෙම උනානම් හොඳයි කිය කිය හැමදාම වගේ උන්ගෙන් නෝන්ඩි වෙවී ආරක්ශක කුටි පසුකරමින් ගියා මාළිගාව ඇතුලට.
ඉතින් දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් වැඳපුදාගෙන එනගමන් පරිස්සමට බලා ගන්න කියලා දීපු සෙරෙප්පු ටිකත් අරගෙන එද්දී මෙන්න බොලේ තවත් කවුන්ටර් දෙකක් තියෙනවා.
හැබැයි ඒවා අපිට නෙවෙයි ලු... ඒවා සුද්දන්ට...
ඒ කවුන්ටර් දෙක අපේ රටේ මිනිස්සුන්ට හදලා තියෙන කවුන්ටර් වලට වඩා පිලිවෙලට ලස්සනට හදලා...
මමත් ඉතින් ටිකක් ඕන කමින් එබිලා බැලුවා මොනවද මේ අලුත් ක්වුන්ටර් කියලා (මමත් ඉතින් සිංහල නේ....හැම රෙද්දකටම ඔලුව දාන එක ඉබේටම වගේ මටත් උනා). කොහොමත් සුද්දන්ට පරගැති ලංකාවේ සුද්දන්ගේ සෙරෙප්පු බලා ගන්න වෙනම කවුන්ටර් එකක් දාලා.
අම්මද බොල මුන්ට ගිය කල, එහෙම උනාට මදෑ දළදා හාමුදුරුවන් වැඩ සිටින මාළිගාව ඇතුලට යන්න මුන් ටිකට් ගන්නවා...
හෙන ගහපං ගණන් බලාපං!
මුන් ලංකාවෙද???
දළදා මාළිගාවට යද්දී සුද්දන්ට රෙදි අන්ඳනවා උන්ගේ ඇඳුම් කොට වැඩී කියලා, අපේ මහා කළු සිංහලයා දන්තධාතූන් වැඩ සිටින භූමියේ ඉඳන් මේ කරන්න වැඩේ කරන්නේ ඇඳගෙන ඉන්න රෙදි ගලවගෙනද මන්දා...
800 ක් ලූ
කජු ඇට ද, කොස් ඇට ද, නෑ........ රුපියල්...
රුපියල් 800 ගන්නවා දළදා මාළිගාව ඇතුලට යන්න.
මගේ යළුවෙක් ගේ යළුවෝ සෙට් එකක් පිලිපීනයේ ඉඳන් ඇවිත්, උන් ටික මාළිගාවට ටිකට් නැතුව ඇතුලට දාගන්න ලියුම් ගහලා හෙන ජිල්මාට් එකක් දාලා අවසර පත්‍රයක් හදාගෙන.(උන් අපිට අනිත් පැත්තෙන් හිනා වෙනව ඇති )
කොහොමද වැඩේ....
දළදා වඳින්න පින තිබුනත් දැන් ටිකට් ගන්න වෙන සිද්ධියක් තියෙන්නෙ සුද්දන්ට (කවුද දන්නෙ මේ යන විදියට තව ටික දවසක් ගියොත් අපිටත් ටිකට් එක ඇදෙයි ද කියලා...).
මමත් ඉතින් දළදා හාමුදුරුවන්වහන්සේටවත් මේවා පේන්නේ නැද්දෝ...........කියලා හිතින් හිතාගෙන ගෙදර ආවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment