මාතෘකාව වුණේ කොඹළ නගරය..., නෑ නෑ වැරදුණා නේ. "කොළඹ නගරය"..
මම කොච්චර මැටි පහේ මෑන් වුණත් මේක හරියට ගොඩ දා ගන්න ඕනෙ නිසාම Kevin Lynch වගේ නගර ගැන කතා කරපු පට්ට පොරවල්...ඒ කිව්වේ උගත් වියත් අයගේ පොත් පත් කියවලා මමත් ගියා කොළඹ ගැන මෑන් කියපුවා සිරාවටම ඇත්ත ද කියලා බලන්න..මොනවා වුණත් මේ ඉතින් ලංකාවනේ...
මේ වැඩේට පින්තූර හොයා ගන්නත් තිබුණා.මම ඉතින් ෆොටෝ අල්ලන්න හැදුවට පොලෝසියෙන් ඒ වැඩේ කර ගන්න දුන්නේ ම නෑ..ඇද්දෙ ම බාල්දි........අපි සැලෙයි ද..?
සෙල්ලම් ද කොල්ලෝ කියාගෙන මාත් වැඩේ අත් ඇරියේ නෑ...ලිව්ව ගෙදර ඇවිත් ඇඬෙන්න ලියුමක්..ආරක්ෂක අමාත්‍යාංශයට..
නිකම් මනුස්සයෙකුට නෙමෙයි...කෙලින් ම ගෝඨා අන්කල්ට..මේ වෙලාවෙ ගෝඨා මාමාවත් ආදරෙන් මතක් කරන්න ම ඕනෙ.මට දීපු සපෝට් එකට.. මට ම ලැබෙන චාන්ස් තමයි ඉතින්..එක දවසෙන් පින්තූර ගන්න අවසර දීලා ලියුමකුත් අතට දීලා කොළඹ නගරයේ පොලෝසියට, නාවික හමුදාවට, එතකොට යුද හමුදාවට ඒවයේ පිටපත් යවලා තිබුණා...මාමේ ඒ උදව්වට නම් පිනේ පින්..
ලෑටියා......
මේ ගමනෙදි මගේ ගමන් සගයා..ඒ කිව්වේ සහයට ඩැනී..ලෑටියාගේ ඇත්ත නම චතුර පතිරණ..අපේ batch එකේ මම තරම් නැති වුණත් මම වගේ ම අහිංසක කොල්ලෙක්.. ලෑටියාගෙ නම ලැබුණු විදිහට නිධාන කතා ගොඩාක් තියෙනවා. ඒක වෙන ම කතාවක්...හ්ම්ම්ම්...පුලුවන් වෙච්ච ගමන් ඒ කතාවත් ලියලා දාන්න ඕනෙ..
වැඩේ කොහොම වුණත් ප්ලෑන ගහන්න නම් ලෑටියා කියාපු මිනිහා..ඒ හින්දා පළවෙනි දවසෙ මම කාපු කට්ටත් ඌට කියලා අපි දෙන්නා දෙවෙනි දවස අම්බානක ප්ලෑන් කරන්න පටන් ගත්තා.
ඔන්න ඉතින් එද තමයි දවස.....
බන්ඩා කොළඹ බලන්න යන්න ඇත්තෙත් මෙහෙම තමයි කියල හිතන ගමන් අපි ලෑස්ති වුණේ. සුද්දට අම්බානක සලකන රටනේ අපි..අපිත් ඉතින් ඒ වගේ වෙන්නැයි කියලා හිතාගෙන..(අරූ නම් හිතාගෙන..මම ඉතින් කොහොමත් සුද්දා වගේ එකානේ...)ඩෙනිම් ඇඳගෙන පං තොප්පි දාලා රෙදි බෑග් අරගෙන sun glass දාලා cameraත් අටෝගෙන ගියා කොඹළ..
අම්මෝ තියෙන සැලකිලි..යන යන එකා පුදු ම ආදරයක් පෙන්නන්නේ.."සර් ...money exchange..." මාරු කරලා දෙන්නම යි අහන්නේ..හප්පා...!!! අපට තිබුණු සැප..
ඒ විතරක් නම් මදැයි.., හොඳම සිද්ධිය වුණේ කලින් දවසේ පොලිස් මෑන් අපිට පාට් දාපු , අපිට ෆොටෝ ගන්න එපා කියපු තැන්වල ඊළඟ දවසේ පොලිසියෙ අන්කල් ඉන්න තැන ම අපි ෆොටෝ ගත්තා....NO problem Sri Lanka ..කියලා අපිත් බඩ පිරෙන්න ෆොටොස් ගත්තා..
මේ ගමනේ තිබුණු ආතල් ම, අමතක නොවෙන සිද්ධිය තමයි..colombo sight seen පෙන්නන්න ත්‍රීවිල් බුවාලා අපිට කතා කරපු හැටි සහ ඒ ගැන උන්ට තිබුණ පට්ට උනන්දුව සහ කැපවීම..
කොහොමෙන් කොහොම හරි අන්තිමට අපිට ඕනෙ ෆොටෝස් ටික අරගෙන අපි ආවා පරණ පාර්ලිමේන්තුව ගාවට..පුදන කොට ම කාපි යකා කියලා, මෙන්න ගහලා තියෙනවා දඩ සයිස් බෝඩ් එකක්.."ඡායාරූප ගැනීම තහනම්.." සිංහලෙන් ගහලා තියෙනකොට තේරෙන්නෙ නැති හින්ද ද මන්දා, සුද්දෝ දිගට හරහට ෆොටෝ ගන්නවා...අපිත් අපිට ඕනෙ ඕනෙ විදිහට ෆොටෝ ගත්තා පොලිස් කාරයො බලා ඉන්න කොට ම..හිකිස්..;) ඒ කියන්නේ අපි පට්ට සුද්දො look එක තියාගෙන ඉඳලා තියෙනවා..
මෙතන දි ආපු ත්‍රීවිල් අයියෙක් තමයි අපිට දවසේ ආතල් එක දුන්නේ..මතක් වෙද්දි තාමත් ඉළ ඇට කැඩෙන්න හිනා යනවා..බිබී හිනා වෙන්න පුලුවන් තව අවුරුදු ගාණක් යනකල් ම..
අපි දිහා හොඳට බලාගෙන ඉඳලා ආපු ත්‍රීවිල් අයියණ්ඩි ගින්නක් නැතුව එක පාරට මෙන්න කියන්න ගත්තා..."කම් කම් සර්....its colombo downtown, sight seeing, good massage places, stuff to make smoke, and elephants also in ගන්ගාරාමtemple with big buddha statue..my tuk tuk colombo town one hour ...five hundred bucks..."
huh...!!! උගේ ඉංගිරිසි..දෙන්නම් ජම්බෝ කියලා අපිත් නිකන් හිටියේ නෑ.."ආ ඇත්ත ද මචං ..?" කියලා ඇඟට පතට නොදැනී අපි දෙන්න එතනින් එන්න ආවා..ටික දුරක් ඇවිත් හැරිලා බලද්දි..අනේ පව්..මෙඩූසා ගේ ඇස් දෙක දැකලා ගල් වෙච්ච එකෙක් වගේ ත්‍රීවිල් මචං කටත් ඇරන් අපි දිහා ඇස් දෙකත් ලොකු කරන් බලාගෙන හිටියා..
elakiri kiri kolla...... liyapan thawa ekak
ReplyDeletemeeta bariya.
thanks machan baari.
ReplyDelete